ශ්‍රි ලංකාවේ සිය 35වෙනි සංවත්සරය සමරයි.
ශ්‍රි ලංකාවේ කාන්තා ව්‍යවසායිකාවන් බල ගැන්වීමට රුපියල් මිලියන 13 ක පරිත්‍යාගයක් ලබා දෙමින් “ Visa Government Solutions” හඳූන්වා දෙයි.
ඩිජිටල් ගෙවීම් ක්ෂේත්රය පිලිබඳ ගෝලීය ප්‍රමුඛයා වන Visa සමාගම ශ්‍රි ලංකාවේ සිය 35 වසරක දිගු ගමන නොබෝදා සමරනු ලැබුවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්ය. මෙම දිගු ගමන තුල ශ්‍රි ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යොමු කිරීමට Visa ඉතා විශාල කාර්ය භාරයක් සිදුකර තිබේ. මෙම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීම වෙනුවෙන් Visa ශ්‍රි ලංකාවේ සුළු සහ මධ්‍ය පරිමාන කාන්තා ව්‍යවසායිකාවන් බල ගැන්වීම උදෙසා රුපියල් මිලියන 13 ක් ඒෂියා පදනම වෙත (The Asia Foundation ) පරිත්‍යාග කරන බව නිවේදනය කර ඇත .
Visa ආසියා ශාන්තිකර කලාපීය සභාපති ලෙස ක්‍රියා කරන ක්‍රිස් ක්ලාක් මහතා මේ පිළිබඳව පවසා සිටියේ “පසුගිය වසර 35 තුළ Visa ශ්‍රි ලංකාවේ මූල්‍ය ක්ෂේත්රයේ වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබෙන බවයි. අපගේ දැක්ම වනුයේ මුල්‍ය කටයුතු වලින් ඔබ්බට ගොස් සෑම ස්ථානයකම සිටින සෑම කෙනෙකුම බලගැන්වීමට දායක වීමෙන් පුද්ගලයන් ,ව්‍යාපාර සහ පුළුල් ප්‍රජාව බල ගැන්වීමයි. ශ්‍රි ලංකාවේ කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරිමට අපි කැපවීමෙන් කටයුතූ කරන අතර “ Visa Government Solutions” දියත් කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටට පත් වෙමු”.
මෙම අවස්ථාව සැමරීමේදී ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍ය පරිමාන කාන්තා ව්යවසාහිකාවන්ගේ (SMBs) ආර්ථික ප්‍රගතිය වැඩි දියුණු කිරීම සඳහා Visa විසින් රුපියල් මිලියන 13ක් ලබා දීමට කටයුතු කර ඇත . ආසියානු පදනම (The Asia Foundation ) සමග හවුල්කාරිත්වයෙන් යුතුව Visa විසින් තෝරා ගන්නා ලද කාන්තා ව්යවසාහිකාවන් සඳහා මෙම අරමුදල් ලබා දෙනු ලැබේ. මීට අමතරව මෙම අරමුදල් මඟින් නිපුණතා සංවර්ධනය, දැනුම හුවමාරු කර ගැනීම සඳහාද අවස්ථාව ලබා දෙනු ලැබේ.
වසර ගණනාවක් පුරා, පාරිභෝගිකයින් සහ ව්‍යාපාර අතර මුදල් වෙනුවට ඩිජිටල් ගනුදෙනු කිරීමේ ක්‍රියාවලිය බල ගැන්වීමට Visa පුරෝගාමීව කටයුතු කර ඇත . කොවිඩ් වසංගතයෙන් පසු ආර්ථිකය ගොඩනැගීමට ඉවහල් වන කුඩා ව්‍යාපාර, ප්‍රවාහන සහ සංචාරක ව්‍යාපාර ඇතුළු ව්‍යාපාර බල ගැන්වීමට සහ ඩිජිටල්කරණය කිරීමට Visa දායක වී තිබේ.
ශ්‍රී ලංකාවේ ගෙවීම් කටයුතු වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ නවතම ප්රයත්නය ලෙස ශ්‍රී ලංකාවට “Visa Government Solutions” (VGS) හඳුන්වා දීමට සැලසුම් කරයි. මෙම VGS විසඳුම් සමඟ රජය හා එක්ව රජයේ ගෙවීම් පද්ධති නවීකරණය කිරීම, ගෙවීම් සිදුකිරීමේ සහ ලැබීමේ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම, වංචාවන් අවම කිරීම සහ ඩිජිටල්කරණයෙන් යුතු වූ ආර්ථික රාමුවක් ශ්‍රී ලංකාව තුල ගොඩනැගීමට බලාපොරොත්තුවෙයි.
ඉන්දියාව සහ දකුණු ආසියාව සඳහා Visa සමාගමේ සමූහ කළමනාකරු සංදීප් ගෝෂ් මහතා මෙම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳ පවසා සිටියේ , “Visa Government Solutions” ශ්‍රී ලංකාවට හඳුන්වා දීමෙන්, ශ්‍රී ලංකා රජය සමඟ අපගේ සබඳතාව තවදුරටත් ශක්තිමත් වන බවයි. රජයේ ගෙවීම් කටයුතු වැඩි දියුණු කිරීමට දායකවීම තුලින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය බල ගැන්වීමට Visa කැපවීමෙන් කරන බව ඔහු පැවසුවේය”.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා Visa සිය 35 වසරක ගමන පුරාවටම මූල්‍ය ආයතන, වෙළෙඳ ප්‍රජාව සහ මූල්‍ය ක්ෂේත්රය සඳහා ඩිජිටල් ක්‍රමවේද නිර්මාණකරුවන් (FinTech ) සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට කටයුතු කර තිබේ,
.වසර 35 ක කාලයක් ශ්‍රී ලංකාවේ ගෙවීම් ක්ෂේත්රය පහසු කිරීමට සහ පරිවතනයක්ට ලක් කිරීමට අපට හැකි වී තිබෙනවා. අපි සෑමවිටම සෑම කෙනෙකුටම ගනුදෙනු කළහැකි පදනමක් ගොඩනැගීමටත් එමඟින් වර්ධනයක් ලබා දීමටත් කැපවීමෙන් කටයුතු කරන්නෙමු. ඉදිරි කාලයේදී රටේ ආර්ථිකයේ ඩිජිටල් පරිවර්තනය තව තවත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජයේ සහ මහ බැංකුවේ අඛණ්ඩ සහයෝගය සහ මගපෙන්වීම ඇතිව, පුළුල් කාර්යභාරයක් ඉටු කිරීමට අපි සූදානම්ව සිටින බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා Visa කළමනාකාරිනී අවන්ති කොළඹගේ මහත්මිය පවසා සිටියාය.
වසර ගණනාවක් සිය හවුල්කරුවන්, පාරිභෝගිකයින් සහ පුළුල් ශ්‍රී ලාංකීය ප්‍රජාව විසින් ගෙවීම් ක්ෂේත්රය තුල ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව සතුටට පත්වන බවත් ශ්‍රී ලංකාවේ සමාජීය සහ ආර්ථිකමය වශයෙන් ඩිජිටල් අනාගතයක් ඇතිකරලීම උදෙසා කැපවී මෙන් කටයුතු කිරීමට Visa සුදානම්ව සිටින බව එම සමාගම පවසයි .
Visa (NYSE: V) යනු රටවල් සහ ප්‍රදේශ 200කට වැඩි සංඛ්‍යාවක් හරහා පාරිභෝගිකයින්, වෙළෙඳ ප්‍රජාව, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන අතර ගනුදෙනු සඳහා ඩිජිටල් ගෙවීම් විසඳුම් ලබා දෙන ගෝලීය ප්‍රමුඛතම ආයතනයකි.
අපගේ මෙහෙවර වනුයේ පුද්ගලයින්ට,ව්‍යාපාර වලට සහ ආර්ථිකයන්ට දියණු විය හැකි වන පරිදී වඩාත් නව්‍ය, පහසු , විශ්වාසදායක සහ සුරක්ෂිත ගෙවුම් ජාලයක් හරහා ලෝකය සම්බන්ධ කිරීමයි. සෑම තැනකම සිටින සෑම කෙනෙකුම ඇතුලත් වන ආර්ථිකයක් නගා සිටුවීම සහ ප්‍රවේශය මුදල් සංචලනයේ අනාගත පදනම බව අපි විශ්වාස කරන්නෙමු.
වැඩි විස්තර සඳහා Visa.com
What do you think?