ශ්‍රී ලංකාවේ Fintechs ආයතන සඳහා අයදුම්පත් විවෘතවේ.
ගෙවීම් සහ වෙළෙඳ අංශ වල ඇතිවිය හැකි අභියෝග විසඳීමට Fintechs ක්ෂේත්රයේ startups ආයතන සඳහා VIsa Accelerator වැඩසටහන අයදුම්පත් කැඳවයි.
කොළඹ, ජනවාරි 29, 2024: ඩිජිටල් ගෙවීම්වල ගෝලීය ප්‍රමුඛයා වන Visa සමාගම, ” Visa Accelerator” වැඩසටහනේ සිව්වන අදියර දියත් කිරීම සඳහා අයදුම්පත් කැඳවන බව අද දින නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ Fintech ක්ෂේත්රයේ startups ආයතන සඳහා Visa සමාගමේ ගෙවීම් කටයුතු පිලිබඳ විශේෂඥයින් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලබාදී එම ආයතනවල දැනුම වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණවේ. Visa Accelerator 2024 වැඩසටහන තුලින් කෘත්‍රිම බුද්ධිය (AI), ගෝලීය මුදල් චලනය, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා digital භාවිතය සහ Embedded Finance වැනි නව ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.
මෙම වැඩසටහන දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් Visa ශ්‍රී ලංකා සහ මාලදිවයින හි දේශීය කළමනාකරු අවන්ති කොළඹගේ මහත්මිය පැවසුවේ, රටෙහි ඉදිරියට එන ගෙවීම් නවෝත්පාදනයන්ට Visa Accelerator වැඩසටහන හරහා ඔවුන්ගේ විසඳුම් බලගැන්වීම සඳහා ආරාධනා කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවයි.
Fintechs ක්ෂේත්රයේ startups ආයතන වල විසඳුම් වැඩිදියුණු කිරීමට සහ පරීක්ෂා කිරීම සඳහා අපගේ විශේෂඥයන් සමඟ වැඩ කිරීමට සුවිශේෂී අවස්ථාවක් මෙම වැඩසටහන මඟින් අපි ලබා දෙන්නෙමු. ධනාත්මක ගෙවීම් අත්දැකීම් හරහා බාධාවකින් තොරව, ආරක්ෂිත ලෙස මුදල් සංචලනය සක්‍රීය කිරීම මගින් ගෝලීය ගෙවීම් කටයුතු සඳහා නව විසදුම් හඳුන්වා දීම අපගේ අරමුණ වන බවද ඇය පවසා සිටියාය”.
වර්ධන අදියරේ පවතින ආයතන සඳහා සකස් කර තිබෙන මෙම වැඩසටහන මඟින් ව්‍යාපාර සංකල්පය සංවර්ධනය කිරීම, නිෂ්පාදන විසඳුම් සහ වේගවත් වාණිජකරණය සඳහා නව දොරටු විවෘත කර එමඟින් ඔවුන් බලගන්වනු ලැබේ. ආසියා පැසිෆික් කලාපය හරහා තෝරා ගන්නා ලද ආයතන සඳහා ගෙවීම් ක්ෂේත්රයේ ඇතිවන අභියෝගවලට විසඳුම් ලබා දීමට හැකියාව ලබෙන අතර Visa ආයතනයේ ශක්තිමත් ජාත්‍යන්තර පදනම් තුල තම සංකල්පය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම වෙළෙඳපොළ අවස්ථා ලබා ගැනීමට හැකිවනු ඇත .
Visa Accelerator වැඩසටහන 2024 සඳහා අයදුම්පත් 2024 ජනවාරි මස 8වන දින විවෘත කල අතර එය 2024 මාර්තු මස 8 වන දින අවසන් වනු ඇත. තෝරාගත් අයදුම්කරුවන් 2024 මැයි මස සිට නොවැම්බර් මස දක්වා මෙම වැඩසටහනේ නිරත විය යුතු අතර එය ඔවුන්ගේ හැකියාවන් පෙන්නුම් කරන දිනයත් සමඟ අවසන් වනු ඇත.
මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීමට සහ අයදුම්පත් ඉදිරිපත් කිරීමට පහත සඳහන් අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. www.visa.com.sg/apaccelerator
Visa (NYSE: V) යනු රටවල් සහ ප්‍රදේශ 200කට වැඩි සංඛයාවක් හරහා පාරිගභෝගිකයින් , වෙළෙඳ ප්‍රජාව , මුල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන අතර සිදුවන ගනුදෙනු සඳහා ඩිජිටල් ගෙවීම් විසඳුම් ලබා ගදන ගෝලීය ප්‍රමුඛතම ආයතනයකි.
අපගේ මෙහෙවර වනුයේ පුද්ගලයින්ට,ව්‍යාපාර වලට සහ ආර්ථිකයට දියණු විය හැකි වන පරිදී වඩාත් නව්‍ය , පහසු , විශ්වාසදායක සහ සුරක්ෂිත ගෙවුම් ජාලයක් හරහා ලෝකය සම්බන්ධ කිරීමයි. සෑම තැනකම සිටින සෑම කෙනෙකුම ඇතුලත් වන ආර්ථිකයක් නගා සිටුවීම සහ ප්‍රවේශය මුදල් සංචලනගේ අනාගත පදනම බව අපි විශ්වාස කරන්නෙමු.
වැඩි විස්තර සඳහා Visa.com
What do you think?