ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල් වැඩසටහනට අනුව තුන්වෙනි ණය වාරිකය නිකුත් කිරීම සඳහා ලබන 12 වැනිදා අනුමැතිය ලබා දීමට නියමිතය . නමුත්, ආර්ථිකය නැවත නගා සිටුවීම සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත අදාළ නවීකරණයන් නිසි ලෙස ඉටුකරලීමට අපොහොසත් වෙමින් සිටී.
Verité Research ‘IMF Tracker’ හි නවතම දත්ත වලට අනුව 2023 දෙසැම්බර් මාසයේදී අලුත් කරන ලද වැඩසටහන යටතේ මැයි මස අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් ඉටුකල යුතු කැපවීම් වලින් 25%ක් නිසිලෙස සපුරාලීමට අපොහොසත් වී ඇත . ඉටුකිරීමට නියමිත කරුණු 63 න් 32ක් ඉටුකර තිබුනත් , කරුණු 16ක් ඉටුකර නැති ලෙසත් 15 ක් ‘නොදන්නා’ ලෙසත් පෙන්නුම් කර තිබේ. නොදනී යනුවෙන් සඳහන් වනුයේ ඒ සඳහා අවශ්‍ය තොරතුරු නොමැති බවය .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල් වැඩසටහන, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු අසාර්ථක වීමේ හේතුන් ලෙස පෙන්නුම් කරනුයේ මෙම ඉටු නොකළ කැපවීම් 16 පරීක්ෂා කිරීමෙනි. එයින් 7ක් මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන්ද, 6ක් මුල්‍ය විනිවිදභාවය පිළිබඳවද, 3ක් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද විය. රටේ වර්තමාන ආර්ථික අර්බුදයටද ප්‍රධාන හේතුන් ලෙස මෙම මූල්‍ය විනිවිදභාවය, කළමනාකරණය සහ දූෂණය යන අංශ වල දුර්වලතාවයන් බවද හඳුනාගෙන තිබෙන අතර මෙම අංශ පිළිබඳව නිශ්චිතවම IMF වැඩසටහනට අනුකූල වීමට ශ්‍රී ලංකාව අපොහොසත් වේ. දෙවන මුදල් ලබා දීමේදීද ඉටු නොවූ බොහෝ කැපවීම්ද විනිවිදභාවය සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ගවලට සම්බන්ධ ඒවා විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙහෙයවීමෙන් 2023 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ආණ්ඩුකරන ඇගයීම් වාර්තාව ආසියානු රටක් සඳහා IMF විසින් මෙහෙයවන ලද ප්‍රථම ඇගයීම වේ . එය ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය මැදිහත්වී වෙනමම සකස්කර ප්‍රකාශයට පත් කරන ලද ඇගයීම් වාර්තාවේ අඩංගු කරුණු සමඟ බොහෝදුරට සමාන වී ඇත. දූෂණයේ සහ අයහපත් පාලනය නිසා බිඳ වැටුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙම 17 වැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන මගින් තීරණාත්මක ලෙස විසඳනු ඇතැයි බලාපොරොත්තු වුවත් පාලන තන්ත්රනයට අදාළ කැපවීම් නැවත නැවතත් ඉටු කර නොමැති නිසා පෙනී යන්නේ ආණ්ඩුකරණයට අදාළ කැපවීම් ඉටුකිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වැඩි බරක් ලබා දී ඇති සම්මත මූල්‍ය පියවරයන් වන්නේ පෙර IMF වැඩසටහන් 16 තුළ ද පැවති ඒවා වේ. වත්මන් වැඩසටහනේ විශේෂත්වය වන්නේ විනිවිදභාවය සහ දූෂණ විරෝධී කටයුතු වැඩිදියුණු කිරීම සඳහා අර්ථවත් පියවර කෙරෙහි අවධානය යොමු කිරීමයි. මෙම ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පදනම බවට පත් නොවන්නේ නම්, එය අතීතයේ චක්‍රය පෝෂණය කරන මග හැරුණු අවස්ථාවක් වනු ඇත – එනම් පෙර වසර සම්පූර්ණ කර වසර පහක් ඇතුළත තවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ශ්‍රී ලංකාව නැවත පැමිණීමයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වැඩි අවධානයක් යොමුකර තිබෙන සාමානය මූල්‍ය පියවරයන් වන්නේ පෙර IMF වැඩසටහන් 16 තුළ ද පැවති ඒවා වේ. වත්මන් වැඩසටහනේ විශේෂත්වය වන්නේ විනිවිදභාවය සහ දූෂණ මර්ධන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා අර්ථවත් පියවර කෙරෙහි අවධානය යොමු කිරීමයි. මෙම ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටිටුවීමේ පදනම බවට පත් නොවන්නේ නම්, එය රට අත් හරිනු අවස්තාවක් වනු ඇත – එනම් එක් IMF වැඩසටහනක් අවසන් කර තවත් වසර පහක් ඇතුළත තවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ශ්‍රී ලංකාව නැවත පැමිණීමයි.
IMFSri Lanka Biz NewsSri Lanka business newssri lanka online business news
What do you think?